හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

හෙට(10) දිනයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

හෙට රාත්‍රි 10 සිට පසුදින උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසීය.

ඒ අනුව කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.

Read more

Local News