ශිෂ්‍යත්ව විභාගය හෙට

Share

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට(11) දින පැවැත්වීමට නියමිතයි.

 

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින සිසුන්ට විභාගයට පෙනි සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

Read more

Local News