මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා ඓතිහාසික දළදා මාලිගාවට පූජා කෙරේ

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව දෙරට අතර අනාදිමත් කලක සිට පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට තෑගි ලැබුණු “පුලතිසි රාජා” ඇත් පැටවා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්   (08) පස්වරුවේ නිල වශයෙන් ඓතිහාසික දළදා මාලිගාව වෙත භාර කෙරිණි. අද පස්වරුවේ දළදා මාලිගාව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තේ ය.

අනතුරුව ඓතිහාසික මගුල් මඩුවේ පැවති උත්සවයේදී ඇත් පැටවා දළදා මාලිිගාව වෙත පූජා කිරීමට අදාළ සංදේශය දියවඩන නිලමේ නිලංග දෑල මහතා වෙත භාරදෙනු ලැබීය.

අනතුරුව චාරිත්‍රාණුකූලව මෙම ඇත් පැටවා පූජනීය දළදා සමිදුන් ප්‍රධාන ත්‍රිවිධ රත්නය උදෙසා කටයුතු කරනු වස් ජනාධිපතිතුමාගේ සුරතින් අද ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කිරීම සිදු විය.

ඇත් පැටවා දළදා මාළිගාව වෙත පූජා කළ ජනාධිපතිතුමා ඇත් පැටවා වෙත පළතුරු සංග්‍රහක් ද සිදු කළේය.

එමෙන්ම ඇත් පැටවා භාරව කටයුතු කළ මියන්මාර් ජාතික ඇත් ගොව්වන් දෙදෙනා වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ යන මහත්වරුන් ද, ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල නිළමේවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News