රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ගන්න අයගේ ඖෂධ හෙට සිට නිවෙසටම

Share

හෙට සිට රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

 

වර්තමානයේ රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිධන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බව එම අමාත්‍යංශය පැවසීය.

රෝහල් සායනවල පවතින අධික තදබදය හේතුවෙන් රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකි බවත් ඒ අනුව සායනික ඖෂධ හෙට සිට නිවෙස් වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරේ

Read more

Local News