කටුනායක සීදුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 102ක් වාර්තා වෙයි

Share

මේ වනවිට කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 102ක් වාර්තා වි තිබේ.

 

ඒ බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා සදහන් කළේ අදාල පිරිස අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බවයි.

කටුනායක වෙළෙඳ කලාපයේ තවත් සේවක සේවිකාවන් 42කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනූව එම කලාපයෙන් මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් ගණන 67ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් බහුතරය සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළවල සිටින අය වන අතර සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (12) සිදුකළ පීසීආර් පරීක්ෂණ 220 ක් අතුරින් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු තිබේ.

Read more

Local News