අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

Share

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය ඔන්ලයින් (Online) ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

 

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා දිනයේ පැවැත්වෙන මහජන ඉදිරියේ දී දිනය Online ක්‍රමයට පැවැත්විමට නියම්ත අතර මෙහි සඳහන් https://bit.ly/3lIBFgq වෙත පිවිස ලියාපිදිංචි වී පවතින ගැටලු ඉදිරිපත් කළ යුතු අතර අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය වන www.moj.gov.lk වෙත පිවිසීමෙන් ද අදාළ සැබැදිය (link) වෙත පිවිසීමේ හැකියාව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

සඳුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යවරයාට ඉදිරිපත්කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට ඉදිරිපත් කළයුතු බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා තිබේ.

Read more

Local News