විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වසා දමා ඇති බවට පලවන පුවත් අසත්‍යයි

Share

කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මත බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවද වසා දැමීමට පියවර ගෙන ඇති බවට පලවන ප්‍රවෘත්ති අසත්‍ය බව විභාග කොමසාරිස් සනත් පුජිත මහතා සඳහන් කර තිබේ.

 

මෙම ශාඛාවේ නිලධාරිනියකගේ සැමියකුට වෛරසය ආසාදනය වූ බවට ආරංචි පැතිර ගියද අදාළ පුද්ගලයාගේ PCR වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ එම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නොමැති බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News