දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතිසී නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව ලබන 19වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඔවුන් දෙදෙනාට දන්වා නොතීසි නිකුත් කර තිබේ.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළ ව සාක්ෂි ලබාදීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කර ඇත.