පුද්ගලික අංශයේ විශ්‍රාම වයස ඉහළ දැම්මට සලකා බලයි

Share

පුද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 තෙක් ඉහළ දැමීම සදහා පියවර ගැනීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේය.

 

ඊයේ(14) දිනයේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී ඉදිරිපත් වූ එම යෝජනාවට සේවක සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාවය හිමිව තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අනාගතයේ දී සේවා ප්‍රවීනයන්ගෙන් තවදුරටත් රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකරන බවයි.

මේ පිළිබඳ අවසන් තීරණය මීළඟ කම්කරු උපදේශක සභාවේ දී ප්‍රකාශයට පත්කරන බවත් පසුව ඊට අදාළ නෛතික ප්‍රතිපත්ති සකස් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News