කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Share

යුරෝපයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

 

කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බව යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් පවසයි.

වෛරස් ව්‍යාප්තිය මර්දනයට පැනවූ රෙගුලාසි ලිහිල් කළ හොත් 2021 වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ඉකුත් අප්‍රේල් මාසයට වඩා හතර පස් ගුණයකින් ඉහළ යනු ඇති බව ද ඔහු අනතුරු ඇඟවී ය.

මේ අතර ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර ඒ ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 30 621 ක් වාර්තාවීමත් සමගයි.

ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය, ඉතාලිය , පෝලන්තය සහ ජර්මනියෙන් ද කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

යුරෝපයෙන් දෛනිකව වාර්තාවන නව කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වනවිට 1000 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News