නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Share

ආපදාවට පත් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

අද(16) දිනයේ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික තිරෝස් හිල්යාස් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මත මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ චෝදනාවලට වරද පිළිගෙන, මේ වන විට රුපියල් මිලියන 12 ක දඩයක් කොළඹ මහාධිකරණය හමුවේ ගෙවා අවසන් කර තිබෙන බව දැනුම් දුන්නේය.

ඒ අනුව ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විරෝධය පළ නොකළ අතර  ඒ අනුව අදාළ කපිතන්වරයා වෙත අධිකරණය මඟින් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

Read more

Local News