සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මකදැයි බැලීමට විශේෂ වැඩසටහනක්

Share

අද(23) දිනයේ මධ්‍යම පළාතේ ගමන් ගන්නා බස් රථ, ත්‍රී රෝද ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන්ගේ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් රජය පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි අනුගමනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ වැඩසටහනක් ලිඳුල පොලීසිය මගින් ක්‍රියාත්මක කර තිබේ.

 

මෙහිදී බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම මගී ජනතාව මුඛ ආවරණ නිසි ලෙස භාවිතා කිරීම හා බස් රථවල අසුන් ගණනට පමණක් මගීන් රැගෙන යනවාද යන්න පිළිබදව මෙන්ම ත්‍රී රෝද රථවල නිසි පරිදි මගී ප්‍රවාහනය සිදු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇත

කොවිඩ් වසංගතය රට තුළ ව්‍යාප්තව යාමේ අවධානම පිළිබඳවත් එයින් ආරක්ෂාවීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී මහජනතාව හා බස් රථ සේවකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාව හා බස් රථ සේවකයන් දැනුවත් කිරීම ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කර තිබේ.

නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකරන ලද බස් රථ සේවකයන්ට හා මගී ජනතාවට මෙහෙදී පොලිස් නිලධාරීන් දැඩි ලෙස අවවාද කරන ලද අතර බස් රථවල ආසන ප්‍රමාණයට වඩා මගීන් රැගෙන ගිය බස් රථවල මගීන් බස්සවා ඔවුන් වෙනත් බස් රථවලින් ගමනාන්තය දක්වා පිටත් කර හැරීමටද පොලීසිය මෙහෙදී පියවර ගෙන තිබේ.

Read more

Local News