ගිනිඅවි සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

Share

තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 07ක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

තිරුක්කොවිල් පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බෝර 12 ගිනි අවියක් ඇතුළු ගිනිඅවි 07ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් වයස අවුරුදු 26, 29 , 44, 46, 68 යන වයස්වල පසුවන තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Read more

Local News