ලංකාව සමාජ ව්‍යාප්තිය අභියස ඉන්නේ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

 

අද(26) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සමාජ ව්‍යාප්තියක අභියසට ලංකාව පැමිණ ඇති බවයි.

ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වෙලා තියෙන්නේ සමාජය තුළින් බව වෛද්‍ය හරිත අලුග්ගේ මහතා පවසයි.

සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙන බවත්, මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යන බව ද ඒ මහතා පවසයි.

මේ වන විට අවධානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5ක් හදුනාගෙන ඇති අතර, එම දිස්ත්‍රික්ක වලට අමතරව තවත් දිස්ත්‍රික්ක අවධානම් තත්ත්වයක් මතුවෙමින් ඇති බව වෛද්‍යවරයා පවසයි.

ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද වෛද්‍ය හරිත අලුග්ගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Read more

Local News