මේ වන විට මෙරට කොරෝනා රෝගීන් ගැන සවිස්තරාත්මක නිවේදනයක්

Share

අද(30) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 586ක් හදුනාගෙන තිබේ.

 

ඉන් පුද්ගලයින් 4ක් විදේශයන් හි සිට පැම්ණි අය වන අතර (හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධානය මධ්‍යස්ථානයෙන් නේපාල ජාතික මුහුදු ආරක්ෂක නිලධාරින් 3ක් ද ශ්‍රි ලාංකික මුහුදු ආරක්ෂක නිලධාරියෙක්ද(01), ඉතිරි පුද්ගලයින් 582ක දේශියව හදුනාගත් පුද්ගලයින් වෙයි.

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 6313ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් ඒ කම්හලේ කාෙවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වෙයි.

අද උදෑසන UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ නරීටා සිට පුද්ගලයින් 18ක් පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින්  පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබක නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 584ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යනු ඇත.

ඒ අනුව නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 71ක්

හොටෙල් ග්‍රීන් පැරඩයිස් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5ක් ද

හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04ක් ද

හොටාල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 07ක් ද

බ්‍රැන්ඩික්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 161ක් ද

බින්ගිරිය ගුරු විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 125 ක් ද

පස්දුන් රට ගුරු විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 97 ක් ද

වස්කඩුව සීට්‍රස් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5 ක් ද

MRS දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 23 ක් ද

දියතලාව පලමුවන ගැමුණු සේවා බලඇණි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 45ක් ද වශයෙනි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 59314 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 64ක් තුළ පුද්ගලයින් 6463ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(29) දිනයේ PCR පරීක්ෂණ 11773ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 490563 ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 67ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් සියලු දෙනා ම්නුවන්ගොඩ් ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

 

Read more

Local News