ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරේ රෝගීන් 8266ක් දක්වා ඉහළට

Share

අද(04) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 409 ක් හදුනාගෙන තිබේ.

 

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 8266 ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 7225ක් ඒ කම්හලේ කාෙවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වෙයි.

අද උදැසන වන විට කිසිදු ගුවන් යානයක් මෙරටට පැම්ණ නැත.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 34ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියම්තව ඇත.

ඒ අනුව රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 25 ක් ද

හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 01 ක් ද

කැම්ලට් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 01 ක් ද

ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 ක් ද

හොටෙල් ගොල්ඩ් සැන්ඩ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 ක් ද වශයෙනි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 63223 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 34ක් තුළ පුද්ගලයින් 2776 ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(03) දිනයේ PCR පරීක්ෂණ 10466 ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 546803ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 332ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් 332 දෙනා ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News