සිරියාවේ අැති ඉරාන කඳවුරු ඉලක්ක කර ගත් ප්‍රහාර සඳහා පැමිණි ඊශ්‍රායල යුද ගුවන් යානයක් සිරියා ප්‍රතිප්‍රහාර හමුවේ විනාශ වීමත් සමග එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශයක් කරමින් ඉරානයට අනතුරු හඟවයි.
ඕනෑම ප්‍රහාරයකින් තම රට ආරක්ෂා කරන බව ද එය තම හිමිකමක් මෙන්ම වගකීමක් ද වන බව අවධාරණය කරන අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට පසුබට නොවන බව සඳහන් කරයි.
සිරියා ගැටුමේදී ඊශ්‍රායලයට අහිමි වූ පළමු ප්‍රහාරක යානය එය වන අතර අනතුරට පත්වීමට මත්තෙන් නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් දිවි ගලවාගෙන තිබේ.
ඉරාන ඩ්‍රෝන යානාවක් ඊශ්‍රායලයට ඇතුළුවීමෙන් අනතුරුව, ඊශ්‍රායලය විසින් සිරියාවට ප්‍රහාර එල්ල කරමින් සිටි අතර එම ඩ්‍රෝන යානාව ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබිණ.