අද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය විවෘතයි

Share

අද(11) දිනයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය විවෘත කරනු ලැබේ.

 

සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් සේවා කටයුතු සිදු කරන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහහකෝන් මහතා සඳහන් කළේය

මේ අතර ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල සහ වේරහැර කාර්යාලය හරහා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

එම සේවාවන් ලබාගැනීම සඳහා සේවාලාභීන් විසින් කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතු බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

.

Read more

Local News