බස් ධාවකයන්ට රජයෙන් සහන රැසක්

Share

රට තුල පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයන්ට සහන රැසක් දීමට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ගෙන් අයකරනු ලබන ගාස්තු රැසක් පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට තීරණය කර ඇත.

මේ අතර අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තුවලින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

Read more

Local News