කොවිඩ් වෙෙරසයට එරෙහි සාර්ථක එන්නත් ගැන තතු

Share

ලොව ප්‍රමුඛ සමාගම් කිහිපයක් විසින් නිපදවනු ලැබූ කොවිඩ් එන්නත් 90% සාර්ථකත්වයට පත් වි තිබේ.

 

මෙම කොවිඩ් එන්නත දෙසැම්බර් 11 වන දා වනවිට පළමු අමෙරිකානුවන් පිරිසට කොවිඩ් එන්නත ලබා දීමට හැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකාවේ Pfizer සහ එහි හවුල්කාර BioNTech සමාගම් සිය එන්නත වෙනුවෙන් එක්සත් ජනපදයේ හදිසි අවසරයක් ලබා ගැනීම සඳහා පසුගිය සිකුරාදා අයදුම්පතක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අමෙරිකානු ආහාර සහ ඖෂධ ආයතනයේ එන්නත් උපදේශක කමිටුව දෙසැම්බර් 10 වනදා රැස්වී එන්නත අනුමත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

එක්සත් ජනපද කොරෝනා වෛරස් වැඩසටහනේ ප්‍රධානි වෛද්‍ය මොන්සෙෆ් ස්ලූයි පවසන්නේ, එන්නතත් අනුමත කිරීමෙන් පැය 24 ක් ඇතුළත ප්‍රතිශක්තිකරණ ස්ථාන වෙත එන්නත් යැවීමට සැලසුම් කර ති බවයි.

ඒ අනුව අනුමැතිය ලැබීමෙන් පසු දෙවන දිනයේදීම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව වෛද්‍ය ස්ලාවුයි වැඩිදුරටත් පවසා ඇත.

වෛද්‍ය ස්ලාවුයි වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාව යළි සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශ වීමට නම්, ප්‍රතිශක්තිකණය ලබා ගෙන තිබිය  යුතු බවත් පෙන්නුම් කරන කාර්යක්ෂමතාව මත මැයි මාසය වනවිට ජනගහනයෙන් 70%කට එන්නත ලබා ගත හැකිවනු ඇත.

මේ අතර 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති එන්නතෙන් වසර අවසන් වන විට එන්නත් මාත්‍රා මිලියන 50ක් නිෂ්පාදනය කිරීම Pfizer සමාගමේ අපේක්ෂාවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, එන්නත පළමුව ලබා දෙන්නේ, කුමන පාර්ශවවලට ද යන්න ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කර ගත යුතුව ඇති බවත් එන්නත් ලබා දීමේදී සෞඛ්‍ය සේවකයින් වැනි අවදානම් පාර්ශව සහ වයස්ගත ප්‍රජාවට ප්‍රමුඛත්වයක් දීම වැදගත් වන බවයි.

කෙසේ වෙතත් අදාළ සමාගම් එන්නත්වල සම්පූර්ණ සායනික පරීක්ෂණ තොරතුරු මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත.

මේ අතර 95%කට ආසන්න සාර්ථකත්වයක් පෙන්වා ඇති Moderna සමාගමේ එන්නත සඳහා ද අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත ඉදිරි සති කිහිපය ඇතුළත යෙමු කිරීමට කටයුතු කරන බව එම සමාගම පවසයි.

Read more

Local News