පාසල් වෙත සිසුන් පැමිණීමේ ප්‍රතිශතය

Share

රට තුල පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ පාසල් වෙත සිසුන් පැමිණීම ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

 

ඊයේ දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාසල් සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයන්වල ඉහළ අගයන් සටහන් වූ බව එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දින සිසුන් පාසල් වෙත පැමිණීමේ ප්‍රතිශතය 48% ක් වන අතර එදින ගුරුවරුන්ගේ පැමිණීම සටහන් වී ඇත්තේ 78% ක් ලෙසය.

දකුණු පළාතේ පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුම ප්‍රතිශතයක් වාර්තා වන බවත් ඒ මහතා සදහන් කළේය.

 

Read more

Local News