ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක සහ ජනපති හමුවෙයි

Share

ඊයේ (28) සවස ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කරුණු සාකච්ඡාවට ලක් වී ඇත.

ඉන්දියාවේ සහභාගිත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළයුතු බවට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත අජිත් දොවාල් මහතා දැනුම් දී ඇත.

දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා අවධාරණය කර තිබේ.

Read more

Local News