අද කාලගුණ තත්ත්වය

Share

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී (30) 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590 ක් දුරින් ස්ථානගතව ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය 06 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසුව එළඹෙන පැය 12 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනයව වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේදී ඇතුළුවිය හැක.

නැගෙනහිරඋතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

වයඹ පළාතේ තැනින් තැන වැසිද ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි.

උතුරු, උතුරු මැදනැගෙනහිර ,වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට පැ.කි.මි.(30-40) පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News