මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ධූරයෙන් ඉවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 24දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාර දී තිබුණි.
ඒ අනුව අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු මත පදනම්ව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහනගර සභා ආඥාපනතේ වගන්තිවල සඳහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතී.
ඒ බැවින්, මහනගර සභා ආඥා පනත යටතේ ධූරයෙන් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ගැසට් නිවේදනය මඟින් දන්වා තිබේ.