ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර යතුරුපැදි අලෙවි කළ ස්ථාන 3ක් වටලයි

Share

කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විදේශයන්හි සිට ආනයනය කරනු ලබන යතුරු පැදි අමතර කොටස් යොදා ගනිමින් එකලස් කරනු ලබන යතුරු පැදි නීති විරෝධි ලෙස ව්‍යාජ ලිපිලේඛණ සකස් කර අළෙවි කර රජයට හිමි විය යුතු බදු මුදල් අහිමි කරමින් පවත්වා ගෙන ගිය යතුරු පැදි අලෙවි කරනු ලබන ස්ථාන 03 ක් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් යතුරුපැදි 41 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මෙම යතුරු පැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයන කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරු පැදි අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෙම අළෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

Read more

Local News