ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂාණි රෝහණධීර මහත්මිය පත්කර තිබේ.
කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
ඇය 1999 දී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක් වී තිබේ.
කුෂාණි රෝහණධීර මහත්මිය 2012 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ධූරයද දරනු ලැබුවාය.