සංචාරක නිවාස හා කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු යළි විවෘත කරයි

Share

වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලුම සංචාරක නිවාස හා කඳවුරු බිම් සංචාරක කටයුතු අද (04) සිට සංචාරකයින් සඳහා විවෘත කිරිමට තීරණය කර ඇත.

 

දෙසැම්බර් මාසයට අදාළව සංචාරක නිවාස හා කඳවුරු බිම් කලින් වෙන්කර ගත් සංචාරකයින්ට නියමිත දිනයන්හි ඒවායේ නවාතැන්ගැනිමේ හැකියාව පවතින බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

නොවැම්බර් මස 02 වනදා සිට දෙසැම්බර් මස 03 වන දින දක්වා වෙන්කර ගැනිම් සිදුකළ සංචාරකයින්ට එම දිනයන් වෙනුවට ලබන මාර්තු මස 31 වන දින දක්වා අතර කාලය තුළ දින වෙන් කර ගැනිමේ හැකියාව පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Read more

Local News