ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Share

ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

මෙවර ශ්‍රී ලංකාව ඇතුථව රටවල් 11 ක තරුණ තරුණියන් 242ක ගේ සහභාගීත්වයෙන් නිපොන්මරු නෞකා වැඩසටහන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව ලබන 17 වන දා පස්වරුවේ නැවත ජපානය බලා ගමන් ඇරඹීමට නියමිතය.

තරුණ තරුණියන් අතර සංස්කෘතික, සර්මාජීය හා දේශපාලනික වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමත්, අන්‍යොන්‍ය අවබෝධය ගොඩනගා ගැනීමත් නායකත්ව පුහුණුව වැඩිදියුණු කර ගැනීමත් යන විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් තරුණයා තුළ ඇති කිරීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තරුණ නියෝජිත පිරිස ඉතා සුහදව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පිරිනැමීය. එම නියෝජිත පිරිස වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News