මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

‍මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අයදුම්පත් කැඳවනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

එම අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් මව්පියන්ට ලබාගැනීමේ හැකියාව සලසා ඇති අතර, නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත් ලබන 10 වන දිනට පෙර සිසුවා විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදිය යුතුය.

කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් වසාදමා ඇති සියලු ප්‍රදේශවල සිසුන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අදාළ කලාප අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News