අගමැති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගනී

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තේය.

 

එහි ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

උන්වහන්සේගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කළේය.

රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳ නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත අනුශාසනා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

Read more

Local News