උල්කා වර්ෂාවන් හී රජදැක්ම අද රාත්‍රියේ ඇරඹේ

Share

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එකපෙළට සමපාත වෙමින් එකමත එක දර්ශනය වීම හේවත් නත්තල් තරුව දිස්වීම මෙරට ජනතාවට දැක බලා ගැනිමට අවස්ථාවක් හිම්ව තිබේ.

 

එමෙන්ම උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට දිනයේදී මෙරට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව හිමි වන අතර, එය උල්කාපාත වර්ෂාවන් හි රජ දැක්ම ලෙසද තාරකා විද්‍යාඥයින් හදුවන්වයි.

ඒ අනුව නත්තල් තරුව දිස්වීම මේ මස 16 වනදා සිට 25 වැනිදා දක්වා සිදු වන අතර එහි උච්චතම අවස්ථාව ලබන 16 වැනිදා රාත්‍රියේ සිදු වීමට නියමිතය.

එය පෘථිවි වාසීන්ට ඉතාම සමීපව දර්ශනය වන අතර, මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර 20කට වරක් සිදු වුවද මෙතරම් සමීපව දර්ශනය වන්නේ වසර 300කට පමණ පසුව බව තාරකා විද්‍යාඥයින් සදහන් කරයි.

මේ අතර, ඉතාමත් දර්ශනීය උල්කාපාත වර්ශාවක් අද රාත්‍රියේ සහ හෙට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාවද හිමිවෙයි

මෙය උල්කාපාත වර්ෂාවන් හි රජ දැක්ම ලෙස හඳුන්වන අතර, විවිධ වර්ණවලින් උල්කාපාත වර්ෂාව දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

අභ්‍යවකාශයේ ඇති දුවිලි හෝ කුඩා පාෂාණ කැබැල්ලක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වේගයෙන් පෘථිවියට ඇදී එන විට ගිනි ගනී. එය උල්කාපාතයක් ලෙස හඳුන්වනු ලැබේ.

මෙසේ ගිනි ගැනීමට හේතුව එම පාෂාණ හෝ දූවිලි අංශුව පෘථිවි වායුගෝලය හා වේගයෙන් ගැටීම නිසා ඝර්ෂණය හේතුකොටගෙන අධික උෂ්ණත්වයකට පත්වීමයි. මෙම වස්තුන් සෙල්සියස් අංශක 3000 ක පමණ උෂ්ණත්වයකට පත්වන බැවින් පෘථිවි පෘෂ්ඨයට වැටීමට පෙරම ඉහළ වායුගෝලය තුළදී දැවී අළු වී යයි. මෙය අපට නම් ඉතා චමත්කාරජනක දර්ශනයකි.

උල්කාපාත විවිධ වර්ණයෙන් දිස් වන්නේ ඇයි?

මෙසේ දැවී යන පාෂාණ කැබලි විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන බව ඔබ අහස නිරීක්ෂණය කරන්නෙක් නම් හොඳින් දන්නවා ඇත. උල්කාපාත නිරීක්ෂණයට ආධුනික වූ ඔබට උල්කාපාත වර්ෂාවන් නිරීක්ෂණ කිරීමෙන් විවිධ වර්ණයෙන් යුත් උල්කාපාත දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයට හේතුව මෙම පාෂාණ කැබලි තුළ අන්තර්ගත වී ඇති විවිධ මුලද්‍රව්‍යන්ය. උදාහරණයක් ලෙස ලිතියම් මුලද්‍රව්‍ය අන්තර්ගත උල්කාපාතයක් ඉහළ අහසේ දැවී අළු වී යන විට රතු වර්ණයෙන් දිස් වේ.

ගිනි කෙළි සංදර්ශන සඳහාද මූලිකව යොදා ගන්නේ මෙම න්‍යායයි. එනම් මල් වෙඩිල්ලක් විවිධ වර්ණයෙන් දිස්වීම සඳහා මල් වෙඩිල්ල තුළට විවිධ මූලද්රව්ය අන්තර්ගත කොට ඇත. පහත දැක්වෙන්නේ විවිධ වර්ණයන් ලබා දීමට මුල් වන්නාවූ මුලද්‍රව්‍ය අඩංගු වගුවකි. මෙම වගුවට අනුව ඔබ දකින උල්කාපාතය තුළ කුමන මුලද්‍රව්‍ය බහුලව අන්තර්ගතද යන්න ඔබට සොයාගත හැකියි. මුලද්‍රව්‍ය වර්ණය Li (ලිතියම්) රතු Na (සෝඩියම්) කහ Cs (සීසියම්) නිල් – දම් Ca (කැල්සියම්) ගඩොල් රතු Sr (සට්රෙ‌ාා් න්ටියම්) ක්රම්සන් රතු Cu (කොපර්) තද කොළ ගල් කැබලි අභ්‍යවකාශයේ දී සූර්යයා වටා හෝ පෘථිවිය වටා හෝ ගමන් ගනිමින් තිබෙන විට එය ග්‍රාහක (Asteroid) ලෙසින් හැඳින්වේ.

දේවතා එළි එහෙම නැත්තම් උල්කාපාත වර්ෂා කියන්නේ අපූරු සංසිද්ධියක්. අභ්‍යාවකාශයේ ඉඳලා එන උල්කා, පෘථිවි වායුගෝලයට ඇතුල් වු විට උල්කාපාත වර්ෂා ඇති විය හැකිය.

මෙවැනි අපූරු උල්කාපාත වර්ෂාවක් බලා ගැනිමට මෙරටට අවකාශය හිම්ව තිබේ. අද රාත්‍රී 9 ට පසු නැගෙනහිර අහසේ මෙම උල්කාපාත වර්ෂාව බලා ගැනීමට හැකි අතර මධ්‍යම රාත්‍රිය වන විට ඉහළ අහසේද අළුයම වන විට බටහිර අහසේ ද මෙම උල්කාපාත වර්ෂාව දැක ගැනිමට හැකිවේ.

 

 

Read more

Local News