මහජන මුදලින් පවත්වාගෙන යන වත්කම් ගැන වගවිය යුතුයි – ආරක්‍ෂක ලේකම්

Share

වැඩි වැඩියෙන් ඔබ උසස්වීම් ලබන තරමට වැඩි වැඩියෙන් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

 

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර රජය සිය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රටේ ආරක්‍ෂාව සඳහා නිරන්තරයෙන් වෙන්කරන අතර මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ඔබේ වත්කම් සම්බන්ධයෙන් වගවීම ඔබේ වගකීමක් බව ඒ මහතා සදහන් කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ , පසුගියදා ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපිඨයේ පැවති නිලධාරින් විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

නාවික හමුදාවේ ප්‍රමුඛතම ඉගෙනුම් ආයතනය වන ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යාපිඨයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා නාවික හමුදාපති නිෂාන්ත උළුගෙතැන්න විසින් සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියක් පවත්වමින් පිළිගන්නා ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගෙතැන්න සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ කොමදෝරු ධම්මික කුමාර පෙළපාළි පරීක්ෂාවන් සඳහා සහභාගී විය.

එහිදී අංක 61 කෙඩෙට් නිළධාරී පාඨමාලාව හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 35 යන පාඨමාලා වල කෙඩෙට් නිළධාරීන් 62 ක් අධිකාරියට පත් කෙරුණි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මධ්‍ය නිලධාරි ඒ.කේ.එස් පෙරේරා සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ මධ්‍ය නිලධාරි කේ.වී.ආර් කරුණාරත්න පාඨමාලා දෙකෙහි විශිෂ්ඨතම මධ්‍ය නිලධාරින් සඳහා වන කුසලතා මේජර් ජෙනරාල් ගුණරත්න අතින් ලබා ගත්හ.

ඔහු තවදුරටත් පැවසුවේ “ඔබේ සගයන් සමඟ කටයුතු කිරීම සහ ඔවුන්ගේ මනස අවබෝධ කර ගැනීම අවසානයේදී ඔබ ගෞරවය උපයා ගන්නා හොඳ නායකයෙකු බවට පත්වනු ඇත”යනුවෙනි. කුණාටු සහිත කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මෙම තේජාන්විත සංවිධානය මෙහෙයවීමට අපේක්‍ෂා කරන තරුණ නායකයින් අමතමින් ඔහු පැවසුවේ “බහුමානීය කාර්යයන් සඳහා ඔබේ හැකියාවන් විසුරුවා හැරීමේ හැකියාව වර්ධනය කිරීමට ඔබ උනන්දු විය යුතු” බවයි. “ඔබේ අභිවෘද්ධිය සහ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම සඳහා ආශීර්වාදයක් ලෙස ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක් ග්‍රහණය කර ගැනීමට ඔබ සිහියෙන් සිටිය යුතුය” යැයි තවදුරටත් ඔහු පැවසීය.

ඔබ තරුණ වියේදී ලබා දෙන අවධානය සහ ලබාගන්නා දේ අනාගතයේ දී විශාල සටනකට ඔබව සූදානම් කරනු ඇතැයි ඔහු පැවසීය.

නවීන පද්ධති සමඟ ඒකාබද්ධ වී මෑතකදී අත්පත් කරගත් විශාල යාත්‍රා සහ නාවික හමුදාවේ ව්‍යාප්තිය ඇතුළු නාවික හමුදාවේ සහ ශිල්පයේ විවිධත්වය සඳහන් කරමින් “රට වටා ආරක්ෂිත සාගරයක් සහතික කිරීම සඳහා එම සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම සඳහා ඔවුන්ට අණදෙන අයගෙන් උපරිම ප්‍රමිතීන් දක්වා වෘත්තීය නිපුණතාවය අවශ්‍ය වනු ඇත” ඔහු පැවසීය.

“ඔබ වෘත්තීමය වශයෙන් නිපුණතාවයක් ඇති කර ගැනීම ඔබට ලබා ගත හැකි සෑම අවස්ථාවක්ම ලබා ගැනීමට ඔබව දිරිමත් කරනු ලබන අතර, එමඟින් වෘත්තීයමය වශයෙන් ජාතියට සේවය කිරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත” තවදුරටත් ඔහු පැවසීය.

මෙම තරුණ නිලධාරීන් පුහුණුකිරිමේදී සහ ශ්‍රී ලංකාවේ මුහුද ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතාවන්ගෙන් ඔවුන්ව පෝෂණය කිරීම පිළිබඳව නාවික හමුදාපති, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ කාර්ය මණ්ඩලයට ආරක්ෂක ලේකම්වරයා සිය අවංක ප්‍රණාමය ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න, අතිරේක ලේකම් (ආරක්‍ෂක) පීබීඑස්සී නොනිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර, ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරාධිතයින් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම වර්ණවත් උත්සවයට සහභාගී වූහ.

Read more

Local News