ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය ඊයේ (16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කොමාණ්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කොමාණ්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් එළබෙන පෙබරවාරි මස 19 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.