හුදකලා තත්ත්වය තවදුරටත් දිගු කිරිමට සිදු වන හේතුව

Share

රට පුරා පවතින කොරෝනා වෙෙරස තත්ත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුගමනය නොකරන්නේ නම් හුදකලා කර තිබෙන ප්‍රදේශ වල හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වම්න් ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට අනුගතව කටයුතු කර තිබෙනවා. නමුත් සුළු පිරිසක්  PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු නියෝග යම් ආකාරයකට පැහැර හැරීමක් සිදුකර තිබෙනවා. එවැනි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් ඒ ප්‍රදේශ තවත් බොහෝ කාලයක්  හුදකලා කර තැබීමට සිදුවෙනවා. ඔබේ ප්‍රදේශය ඉක්මණින්ම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න,” යනුවෙනි.

Read more

Local News