විරාත් කෝලිගේ වාර්තාපොත අලුත් වෙයි

Share

ලෝක ක්‍රිකට් පිටියේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 මුහුණුවර 3දීම ලකුණු ලැබීමේ සාමාන්‍යය 50ට වැඩි මට්ටමක පවත්වාගෙන යන ලොව එකම පිතිකරුවා වන ඉන්දීය පිලේ නායක විරාත් කෝලි පසුගියදා නිමාවට පත්වූ ඉන්දීය – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ 6 වැනි සහ අවසන් තරගයේදී නොදැවී ලකුණු 129ක් රැස් කරමින් වාර්තාපොත අලුත් කිරිමට සමත්විය.

මේ විශිෂ්ට පිතිකරුවා තරගාවලිය පුරා ශතක 3ක් සමග ලකුණු 558ක් රැස් කිරීමට සමත්වූ අතර රටවල් දෙකක් අතර පැවැති එක්දින තරගාවලියකදී ලකුණු 500 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්විය.

අවසන් තරගයේදී නොදැවී ලැබූ ලකුණු 129ත් සමග සිය එක්දින තරග දිවියේ 35 වැනි ශතකය වාර්තා කළ කෝලි ඉන්දීය පිල වෙනුවෙන් එක්දින තරගාවලියකදී වැඩිම ශතක රැස් කළ පිතිකරුවා ලෙසත් වාර්තාපොත අලුත් කළේය.

Read more

Local News