ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පොලිස් සහයෝගීතාව

Share

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී, අපරාධ පරීක්‍ෂණ අංශයේ පොලිස් අධිකාරී රොබ් විල්සන් මහතා විසින් කොළඹ 05 ශ්‍රී ලංකා පොලිස් රෝහලේ චී කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සදහා වැදගත්වන වෛද්‍යාධාර තොගයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත පිරිනමනු ලැබිණ.

 

 

එම වෛද්‍ය උපකරණ මගින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අතර කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීමේ අවදානම අවම කර ගැනීමට හා ඔවුන්ගේ රාජකාරී අඛණ්ඩව‍ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහාය වීමටත් අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා පොලිසිය වෙත ඕස්ට්‍රේලියා රජය දක්වන සමස්ත සහයෝගය කොටසක් වන අතර ඕස්ට්‍රේලියාව දැනටමත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සුරක්‍ෂිතතාව ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකා ප්‍රජාවටත් අතිශය වැදගත්වන ආහාර හා සනීපාරක්‍ෂක භාණ්ඩ සැපයීමටත්, ආර්ථිකය යළි ගොඩනැංවීමට සහාය වීමටත් කටයුතු කරමින් සිටියි

Read more

Local News