අධික හිරු රශ්මිය හේතුවෙන්‍ නිවසක් ගිනිගනී

Share

දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ සර්කියුලර් පාරේ නිවසක් අද දහවල් 12.00ට ගිනි ගෙන තිබේ.

හැටන් දික්ඔය නගර සභාව පැවසුවේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වය ඊට හේතුව බවයි.

එම නිවසේ වහල ආවරණය කර ඇති සෙවිලි තහඩු රත්වි එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පැරණි කඩදාසි කොළ වලට ගිනි ඇවිලි ගින්න හටගත් බවයි එම නිවසේ හිමියන් පවසන්නේ.

ගින්නෙන් එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පාවිචිචියට නොගන්නා උපකරණ රැසක් ද විනාශ වී ඇත.

පැතිර ගිය ගින්න ප‍්‍රදේශවාසින් එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් එම නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති බවයි වාර්තා වන්නේ.

Read more

Local News