සුනාමි ව්‍යසනයට අදට වසර 16ක්

Share

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16ක්.

 

මෙම සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය.

එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින් බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමින්.

2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබීය.

අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News