කළු ජාතිකයකු වූ නිසා ප්‍රතිකාර නොලැබූ වෙෙද්‍යවරිය මිය යයි

Share

ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත.

 

මියයෑමට පෙර  ඇය පවසා ඇත්තේ කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණ බවයි.

සුසාන් මූරි නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරිය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබේ.

මුලින් ප්‍රතිකාර ලැබූ ඉන්දියනා විශ්ව විද්‍යාල රෝහලේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ බවට ඇය චෝදනා කර ඇත. ඇය පවසා ඇත්තේ  රෝහලේ වෛද්‍යවරුන් අදාල වෛද්‍ය පරීක්ෂණ පවා සිදුනොකළ බවයි. ඇයට අවශ්‍ය ඖෂධ ලබා නොදුන් බවද පපුවේ ස්කෑන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදුනොකළ බවද ඇය පවසා තිබිණි. එක් අවස්ථාවක රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය නිවසට යායුතු බවයි.

රෝහලේ ගිලන් සයනයේ සිට නිකුත් කළ වීඩියෝවකට පෙනී සිටිමින් වෛද්‍ය සුසාන් පවසා ඇත්තේ වෛද්‍යධාර සඳහා ඇයට ආයාචනා කිරීමට සිදුවූ බවයි. “කළු ජාතිකයන් මරා දමන්නේ මේ ආකාරයටයි” යනුවෙන් ඇය එහිදී පවසා තිබිණි.

Read more

Local News