පැනගිය කොවිඩ් රෝගීයා සොයාගනී

Share

නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියදී පැනගිය කොවිඩ් ආසාදිතයා සොයාගෙන තිබේ.

 

මාකොල උතුර ප්‍රදේශයේ සිටියදී අද (27) පෙරවරු 11.00ට පමණ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බව පොලිසිය සඳහන් කළේය.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබේ.

අදාල රෝගීයා මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් පුද්ගලයෙකි.

Read more

Local News