බස්නාහිරින් පිටවීමට ගිය තවත් 16කට කොරෝනා

Share

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 16 දෙනෙකුට කොරෝනා වැළදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඒ අනුව පසුගිය දෙසැම්බර් 18 වන දින සිට බස්නාහිරින් පිටව යන පුද්ගලයින්ගේ සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් අද(31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවට දනුම් දී තිබේ.

ඒ අනුව අද දිනයේ සාද ආදිය නිවසට සහ සිය පරිශ්‍රයට පමණක් සීමා කරන ලෙසත් කොළඹින් පිටව පොදු ප්‍රවාහනය සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ සියලු ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි

 

Read more

Local News