ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට ආ කේන්

Share

ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට නවසීලන්ත නායක කේන් විලියම්සන් පැමිණ තිබේ.

 

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් ඔහු එම ස්ථානයට පත්ව ඇති අතර පසුගිය දා නිමාවූ පාකිස්තාන – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 129ක් රැස්කර ගැනීම ට හේ සමත් විය. ඒ හේතුවෙන් ඔහුට ලකුණු 13ක් එක්වී තිබේ.

Read more

Local News