උපාය දූතයෙකු යොදවා කොටු කර ගත් ගජමුතු ජාවාරම

Share

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(03) දින මාතර ප්‍රදේශයේ කරනු ලැබූ වැටලීමකදී ගජමුතු 6 ක් විකිණිමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාල පුද්ගලයා ගාල්ල, උණවටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර රුපියල් මිලියන 15 කට ගජමුතු විකිණීමට පැමිණීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මගින් යොදවා මෙසේ අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා සහ ගජමුතු වනජිවි නිලධාරින් වෙත භාරදීමට නියමිතයි.

මෙම වැටලීම තංගල්ල විශේෂ කාර්යය බලාකායේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා පැවසීය.

Read more

Local News