පාසල්වල 11 ශ්‍රේණි අරඹන දිනය ගැන දැනුම් දීමක්

හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර හා සෙසු පළාත්වල 11 වැනි ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වැනි සඳුදා සිට විවෘත කිරීමට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.