එංගලන්ත ක්‍රීඩක මොයීන් අලිටත් කොරෝනා

Share

ශ්‍රී ලංකා සංචාරයට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 

 

මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් පසුගිය(03) වැනිදා මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සහ PCR පරීක්ෂය සඳහා යොමු කෙරුණි.

මේ අතර ක්‍රිස් වෝක්ස්ටද ස්වයං නිරෝධායනය වීමට සිදුව තිබෙන්නේ මොයින් අලි සමග සමීපව කටයුතු කිරීම හේතුවෙනි.

දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ වේ.

Read more

Local News