ජර්මනියේ අගුළු දැමීමේ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ

ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

දැනට පනවා තිබෙන දැඩි සීමා මධ්‍යයේ වුවද දිගින් දිගටම වයිරස ආසාදිතයන් වාර්තා වීමත් වාර්තා වන වෛරස ආසාදිත මරණ ගණන ඉහළ යෑමත් හේතුවෙන් මෙලෙස ලොක්ඩවුන් සීමා පැනවීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ජර්මනිය යනු යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජර්මනියෙන් පළමු වරට දෙසැම්බර් 30 වැනිදා වෛරස් ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වූ අතර ඒ අනුව එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි ජර්මානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

ජර්මනියෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිත මරණ ගණන 34,000 ඉක්මවයි.‍ෙ

ජර්මනිය දැනට අර්ධ එහෙත් දැඩි ලොක්ඩවුන් සීමා පනවා තිබෙන අතර එම සීමා ජනවාරි 10 වැනිදායින් අවසන් වීමට නියමිත ය. කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී එම සීමා මේ මාසය අග දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනෙනු ඇතැයි වාර්තා වේ.

‘‘ආසාදිතයන්ගේ ගණන වැඩි වෙන නිසා අපට සීමා දීර්ඝ කරන්න සිදුවෙනවා’’ යැයි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යංශයෙ යෙන් සදහන් කර තිබේ

දැනට පවතින දැඩි සීමාවලට අනුව නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී පාසල්, ආපනශාලා, සංස්කෘතික සහ නිවාඩු නිකේතන, උද්‍යාන ඇතුළු කඩසාප්පු රැසක් වසා දමා තිබිණි. ඊට අමතරව නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී මහජන ඒක රැස්වීම් ද සීමා කර තිබිණි.

උත්සවයේ සංචාරක කටයුතු මහජනතාවගේ එක් රැස්වීම් යනාදිය නිසා කොතරම් පිරිසකට වයිරසය පැතිර ගොස් ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ ජනවාරි මාසයේ මැදභාගයේදී බවත් ජර්මානු බලධාරීහු කීහ. කෙසේ නමුත් දැනට ලැබී තිබෙන සංඛ්‍යා දත්ත කනස්සල්ලක් ඇති කරන බව ද වාර්තා වෙයි.