ඉන්දීය : ඔස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගයට මොකද වුනේ

Share

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමාවට පත්විය.

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 166ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මානස් ලබූශෙයෑන් ලකුණු 67ක් ලබාසිටි අතර ස්ටීවන් ස්මිත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 31ක් වන අතර සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වු 22 හැවිරිදි විල් ජෑන් ලකුණු 62ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදි ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් සහ නවුදීප් සයිනි කඩුල්ල බැගින් ලබාගත්හ.

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සිඩ්නි හිදී අාරම්භ විය.

තරගයේ කාසියේ  වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ටිම් පේන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

 

Read more

Local News