දළදා මාළිගාවේ කඩා වැටුණු පැති බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණයට

Share

ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ කඩා වැටී ඇති පිහිටි දිය අගලේ පැති බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මහනුවර රාජධානි සමය ආරම්භ වීමත් සමඟ ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි පෞරාණික වටිනාකමින් යුත් දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් ඊයේ (07) අලුයම කඩා වැටී තිබේ.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතිව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් දිය අගලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී පසුගිය (06) වැනිදා පස්වරුවේ සිට මහනුවරට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මෙම පැති බැම්ම කඩා වැටී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

Read more

Local News