පෞද්ගලික බස් රථයක ගින්නක්

Share

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී අද අළුයම 05.30ට පමණ පෞද්ගලික බස් රථය පිපිරීමක් සමඟ ඇතිවූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කහගොල්ල දෙසට ධාවනය වෙමින් පැවති බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින් බව යුද්ධ හමුදාව පවසයි.

Read more

Local News