ඉදිරි පැය 24ට දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණය

Share

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

පුත්තලම සිට කන්කසන්තුරය මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට තදවැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මි 30-40 පමණ වේ.

ගාල්ල සිට පුත්තලම කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

ගාල්ල සිට පුත්තලම කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමග අදාල මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

Read more

Local News